Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රස්ත ප්‍රහාරයකින් පාකිස්තාන හමුදාවේ 23 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පාකිස්තානයේ යුද හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් සෙබළුන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

බෝම්බ සවි කළ මෝටර් රථයක් ඇෆ්ගනිස්තාන දේශසිමා ආසන්නයේ පිහිටා ඇති කඳවුර වෙත ධාවනය කර එය පුපුරුවා හැරීම හරහායි මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සදහන්. ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලෙයිබාන් සංවිධානය භාරගෙන තිබෙනවා.

මෝටර් රථය පුපුරුවා හැරීමත් සමග කදවුර වෙත ත්‍රස්තවාදීන් ඇතුලු වීමට උත්සහ කළ ද එය සාර්ථක වී නැහැ.

ප්‍රහාරය සිදු කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් 6 දෙනෙකු එහිදි ඝාතනය කර ඇති අතර පසුව සිදුකෙරුණු මෙහෙයුම්වලදී තවත් ත්‍රස්තවාදීන් 21ක් දෙනෙකු ඝාතනය කිරීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

 

The post ත්‍රස්ත ප්‍රහාරයකින් පාකිස්තාන හමුදාවේ 23 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG