Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරය කිසිදා යථා තත්ත්වයට පත් නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි  

Add comments

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය කිසිදා යථා තත්ත්වයට පත් නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසනවා.

ගාසා තීරයේ මානුෂීය පද්ධතිය බිඳ වැටිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලට සෘජුවම අනතුරු අඟවා තිබෙනවා.

මෙම මානුෂීය ව්‍යසනය වැළැක්වීමට පියවර ගන්නැයි සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටීමට ඔහු කටයුතු කර තිබෙනවා.

ඒ දශක ගණනාවක් තිස්සේ භාවිත නොකළ ලිපි මගින් දැන්වීමේ ක්‍රමවේදය භාවිත කරමින්.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල බෝම්බ හෙලීම සහ අත්‍යවශ්‍ය සැපයුම් නොමැතිකම හේතුවෙන් ගාසා තීරයේ මහජන සාමය සම්පූරණෙයෙන්ම බිඳ වැටෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

එමෙන්ම වසංගත රෝග පැතිර යා හැකි අතර අසල්වැසි රටවලට විශාල වශයෙන් අවතැන්වූවන්ගෙන් එල්ල වන පීඩනය වැඩි විය හැකි බවයි ඔහු පවසන්නේ.

හමාස් සංවිධානය ඔක්තෝබර් මාසයේ දී ඊශ්‍රාලයට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් එක්දහස් දෙසීයක් ඝාතනය කර දෙසිය හතළිහක් ප්‍රාණ ඇපයට ගත් අතර ඔවුන්ගෙන් පිරිසක් කෙටිකාලීන සටන් විරාමයක් අතරතුරදී නිදහස් කරනු ලැබුවා.

ගාසා තීරයේ හමාස් නිලධාරීන් පවසන්නේ ඊශ්‍රායලය සිය පළිගැනීමේ ප්‍රහාවලින් ළමයින් හත්දහසක් පමණ ඇතුළු දහසයදහස් දෙසීයකට වැඩි පිරිසක් ඝාතනය කළ බවයි.

 

The post ගාසා තීරය කිසිදා යථා තත්ත්වයට පත් නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG