Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමරිකාව ඔස්ප්‍රේ හෙලිකොප්ටර් යානා භාවිතය තාවකාලිකව නවතයි  

Add comments

ජපානයේදී සිදු වූ මාරාන්තික අනතුරෙන් පසු අමරිකාව ඔස්ප්‍රේ හෙලිකොප්ටර් යානා භාවිතය තාවකාලිකව නවතා දමා තිබෙනවා.

කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනෙකුට මරු කැඳවමින් පසුගිය සතියේ ජපාන වෙරළට ඔබ්බෙන් සිදු වූ ඔස්ප්‍රේ හෙලිකොප්ටර් අනතුරට හේතුව කාර්මික දෝෂයක් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඇමරිකාව තම ඔස්ප්‍රේ බල ඇණිය මුලුගන්වා තිබෙනවා.

මේ අතර ඇමරිකා ගුවන් හා නාවික හමුදා නිලධාරීන් පැවසුවේ පරීක්ෂණ දිගටම කරගෙන යන අතර අවදානම අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

අනතුරින් මියගිය සාමාජිකයන් 6 දෙනෙකුගේ දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර අනෙක් අයගේ සිරුරු සෙවීමේ කටයුතු ක්‍රියාත්මකයි.

දශක ගණනාවක පරීක්ෂණ වලින් පසුව 2007 දී ප්‍රථම වරට හඳුන්වා දුන් ඔස්ප්‍රේ යානා සේවයේ යෙදී සිටි කාලය තුළ මාරක අනතුරු රැසකටම මුහුණ දුන්නා.

The post අමරිකාව ඔස්ප්‍රේ හෙලිකොප්ටර් යානා භාවිතය තාවකාලිකව නවතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG