Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙන් ජයග්‍රහණ රැසක්  

Add comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබුණා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ පැවති මාධ්‍ය හමුවේදී, මෙම වසරේ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ තුළින් ලබා ගත් පොදු ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කර තිබෙනවා.

මෙම වසරේ “එක් තීරයක් එක් මාවතක්” ආර්ථික හා වෙළඳ ආයෝජන අඛණ්ඩව වර්ධනය වී ඇති බව ඇය පැවසුවා.

ජනවාරි සිට නොවැම්බර් දක්වා, “එක් තීරයක් එක් මාවතක්” හා සම්බන්ධ රටවල් හා චීනය සිදු කළ ආනයන හා අපනයනවල මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 17.65ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 2.6%ක වැඩි වීමකි.

මෙම වසරේ මුල් මාස 11 තුළ, චීන-යුරෝපා දුම්රිය මගින් ප්‍රවාහනය කරන ලද භාණ්ඩ පරිමාව 19% කින් වැඩි වූ අතර, එය පසුගිය වසරේ මුළු පරිමාව ද ඉක්මවා තිබෙනවා.

Jakarta-Bandung අධිවේගී දුම්රිය මාස දෙකක් තුළ පමණක්, මගීන් මිලියනයකට වඩා ප්‍රවාහනය කර තිබෙනවා.

බංගලාදේශයේ උමග සහ නයිජීරියාවේ මුහුදු වරාය යන ව්‍යාපෘති අවසන් කර විවෘත කිරීමත් සමඟ, අදාළ රටවල් සහ කලාප අතර සම්බන්ධතාව ඵලදායී ලෙස ප්‍රවර්ධනය වී ඇති බවයි එහිදී ප්‍රකාශ වුණේ.

එමෙන්ම ජල විදුලිය, සුළං බලය සහ ප්‍රකාශ වෝල්ටීයතාව යන හරිත බලශක්ති කර්මාන්තවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා, චීනය සහ බොහෝ රටවල් “එක් තීරයක් එක් මාවතක්” හරිත සංවර්ධනය පිළිබඳ බෙයිජිං මුලපිරුමට ද එක්ව සිටිනවා.

“එක් තීරයක් එක් මාවතක්” 10 වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස සලකමින්, උසස් තත්ත්වයේ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ එක්ව ගොඩනැඟීම ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා නව සහ බලවත් බලයක් එක් කිරීමට, චීනය බලාපොරොත්තු වන බව ද, Mao Ning මහත්මිය එහිදී සඳහන් කර තිබෙනවා.

The post එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙන් ජයග්‍රහණ රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG