Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා රාජ්‍ය ලේකම් පාප් වහන්සේ හමුවීම සඳහා කළ ඉල්ලීම වතිකානුව බැහැර කරයි  

0 comments

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පාප් වහන්සේ හමුවීම සදහා කළ ඉල්ලීම වතිකානුව බැහැර කර තිබෙනවා. වතිකානුව වැඩිදුරටත් පවසන්නේ මැතිවරණ කාලයක දී පාප්තුමාට දේශපාලනඥයන් සමග ගණුදෙනුවක් නොමැති බවයි. චීනය සහ කතෝලික පල්ලිය සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෑතකදී පලකළ අදහස් රාජ තාන්ත්‍රික වශයෙන් වතිකානුව හා ඇමෙරිකාව අතර උණුසුම් තත්ත්වයක් ඇති කර තිබුණා. මේ මස මුලදී පොම්පියෝ කියා සිටියේ බිෂොප්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් චීනය සමග ඇතිකරගත් ගිවිසුම අළුත් කිරීම මගින් කතෝලික පල්ලිය සිය සදාචාරාත්මක අධිකාරිය අවදානමට ලක් කරමින් සිටින බවයි.

The post ඇමෙරිකා රාජ්‍ය ලේකම් පාප් වහන්සේ හමුවීම සඳහා කළ ඉල්ලීම වතිකානුව බැහැර කරයි appeared first on ITN News.

Read More »

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජපානයේ කොටස් වෙළඳපොළ වසා දැමේ  

0 comments

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජපානයේ කොටස් වෙළදපොළ අද දිනයේ වසා දැමුණා.

ඒත් සමග ම ජපානයේ වෙළද කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. කොටස් වෙළදපොළ කටයුතු යළි ආරම්භ කරන දිනයක්  පිළිබද මෙතෙක් දැනුම් දී නැහැ. මීට පෙර සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් නවසීලන්තයේ ද කොටස් වෙළදපොළ දින කීපයක් වසා දැමුණා.

The post තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජපානයේ කොටස් වෙළඳපොළ වසා දැමේ appeared first on ITN News.

Read More »

බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන්  

0 comments

බෞද්ධ භික්ෂූන් වහන්සේ උදෙසා ක්‍රියාත්මක බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදීයි.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා. දිවයින පුරා භික්ෂුන් වහන්සේ පහලොස් දහස් නමක ආවරණය වන පරිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදල, බුද්ධශාසන අරමුදල සහ පරිත්‍යාග ශීලීන්ගේ පරිත්‍යාග මත මෙම හිමිකම් ප්‍රදානය අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතයි. වැඩසටහනේ සමාරම්භය සංකේතවත් කරමින් භික්ෂූන් වහන්සේ කිහිප නමකට අගමැතිතුමා අතින් හිමිකම් ප්‍රදානය සිදු කෙරුණා. බුදුපුත් සුරක්ෂා වැඩසටහනට බුද්ධ ශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක් ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබුණා. රජයෙන් තවත් රුපියල් මිලියන 50 ක් සහ විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් හැත්තෑතුන්ලක්ෂයක් වැඩසටහනට ලැබී තිබෙනවා. මහා සංඝරත්නය, දේශපාලන නියෝජිතයන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

The post බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

ජේ ආර් ජයවර්ධන මහතාගේ 114 වන ජන්ම දිනය සැමරේ  

0 comments

මෙරට පළමු විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 114 වන ජන්ම දිනය සැමරුණා. ඒ කොළඹ ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන,  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්,  ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරු ප්‍රදීප් ජයවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

ජේ ආර් ජයවර්ධන මහතාගේ පිළිරුවට මල් මාලා පැළදවීම හා වෙබ් අඩවිය විවෘත කිරීම ද අද සිදුකෙරුණා.

 

The post ජේ ආර් ජයවර්ධන මහතාගේ 114 වන ජන්ම දිනය සැමරේ appeared first on ITN News.

Read More »

HIV ආසාදනය වී සුවය ලැබූ ලොව පළමු පුද්ගලයා මිය යයි  

0 comments

එච්.අයි වී ආසාදනය වී  සුවය ලැබූ ලොව පළමු පුද්ගලයා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මිය ගියා.

54 හැවිරිදි තිමති රේ බ්‍රවුන් 1996 වසරේදී එච්.අයි වී ආසාදිතයකු බව හදුනාගෙන තිබුණා. 2007 වසරේදී ඇමෙරිකාවේ රෝහලකදී ඔහු සුවය ලැබුවා. ඒ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම සමග සිදු කළ අඛණ්ඩ ප්‍රතිකාර හේතුවෙන්. ඔහු සුවය ලැබූයේ ලොව පුරා එච්.අයි වී ආසාදිතයින් හට සිය ජීවිතය පිලිබද බලාපොරොත්තුවක් එක්කරමින්. කෙසේ නමුත් පිළිකාවක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් දැනුම් දී තිබෙන්නේ.

The post HIV ආසාදනය වී සුවය ලැබූ ලොව පළමු පුද්ගලයා මිය යයි appeared first on ITN News.

Read More »

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්ෂිජන් කාන්දුව සෙවීමට රාත්‍රිය පුරා මෙහෙයුම්  

0 comments

ජාත්‍යන්තර අභ්‍යවකාශ  මධ්‍යස්ථානයේ සිදුව ඇති ඔක්ෂිජන් කාන්දුව පිළිබද සොයා බැලීම සදහා ගගණගාමීන් රාත්‍රිය පුරා මෙහෙයුම් සිදු කරන බව වාර්තා වනවා.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් සති කිහිපයක්ම ඔක්ෂිජන් කාන්දුවේ මූලාරම්භය සොයමින් සිටි නමුත් පසුගිය සදුදා දිනයේ වායු කාන්දු වීමේ ප්‍රමාණය වර්ධනය වීමත් සමඟ සෝදිසි මෙහෙයුම් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔක්ෂිජන් පිටවන ප්‍රදේශය නිශ්චය කරගැනීම සදහා වැඩිදුර විශ්ලේෂණයක් අවශ්‍ය බව නාසා ආයතනය පවසනවා. කාන්දුවීමෙන් කාර්ය මණ්ඩලයට ක්ෂණික අනතුරක් නොමැති බවත් ඔවුන්ගේ අඛණ්ඩ දෛනික කටයුතුවල සුළු පසුබෑමක් පමණක් සිදුව ඇති බවත් නාසා ආයතනය දැනුම් දෙනවා.

The post ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්ෂිජන් කාන්දුව සෙවීමට රාත්‍රිය පුරා මෙහෙයුම් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ සිනමා ශාලා යළි විවෘත කිිරිමට මාර්ගෝපදේශ මාලාවක්  

0 comments

සිනමා ශාලා යළි විවෘත කිිරිම සඳහා ඉන්දියාව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා .

දිල්ලි ඇතුළු නගරවල සිනමා ශාලා වසා දමා තිබෙන්නේ පසුගිය මාර්තුවල සිට. සෞඛ්‍ය උපදෙස් අනුව ඒවා යළි විවෘත කිරිම සඳහා පහසුකම් සැලසීමයි අරමුණ.

ඒ සම්බන්දයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවයි ඉන්දීය බලධාරින් සඳහන් කළේ. කර්මාන්තයේ නියුතු වූවන්ට පහසුකම් සැලසීමත් අරමුණක්.

 

 

The post ඉන්දියාවේ සිනමා ශාලා යළි විවෘත කිිරිමට මාර්ගෝපදේශ මාලාවක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG