Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවේ දේවස්ථානයක සිදු වූ අනතුරින් මිය ගිය ගණන ඉහළට  

0 comments

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු පමණ සිරවී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා

Ciudad Madero හි Santa Cruz දේවස්ථානයේ වහලය කඩා වැටීමෙන් 49 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය දක්වා තිබෙනවා.

වෙරළබඩ ප්‍රාන්තයේ Tamaulipas හි පොලිසිය පැවසුවේ වහලය කඩා වැටෙන අවස්ථාවේ 100 දෙනෙකු පමණ පිරිසක් සිටි බවයි.

සිරවී සිටින අය අතර කුඩා දරුවන් රැසක් සිටින බවට විශ්වාස කෙරෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ප්‍රාදේශීය මාධ්‍යවේදී ෆ්‍රෑන්ක් කොන්ට්‍රේරාස් බීබීසී ලෝක සේවයේ නිව්ස්ඩේ වැඩසටහනට පවසා ඇත්තේ වහලය කඩා වැටීම පල්ලියේ දේව මෙහෙයේ ප්‍රධාන මොහොතක සිදුවූ බවයි.

The post මෙක්සිකෝවේ දේවස්ථානයක සිදු වූ අනතුරින් මිය ගිය ගණන ඉහළට appeared first on ITN News.

Read More »

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයන් 30 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බවයි වාර්තා වන්නේ. සියුඩැඩ් මදේරෝ හි සැන්ටා කෲස් දේවස්ථානයේ වහලය කඩා වැටීමෙනුයි මෙම පිරිස අනතුරට ලක්වුණේ.

සිද්ධියෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාන්ත පොලිසිය පැවසුවේ කඩා වැටෙන අවස්ථාවේ 100 දෙනෙකු පමණ පිරිසක් සිටි බවයි. සිරවී සිටින අය අතර කුඩා දරුවන් රැසක් සිටින බවට විශ්වාස කෙරෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

 

 

 

The post මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලා 3ක හටගත් ගින්නකින් 13 දෙනෙකු මරුට  

0 comments

ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලා 3ක හටගත් ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගිණිකොන දිග ස්පාඤ්ඤයේ මර්සියා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්න පසුව තවත් සමාජ ශාලා දෙකකට පැතිර ගොස් ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

ගින්න හටගන්නා අවස්ථාවේ එම රාත්‍රී සමාජ ශාලා තුළ විශාල ජනතාවක් රැස්ව සිටි බව වාර්තා වනවා. මිය ගිය පිරිස අතරට උපන්දින සැමරුමකට එක්ව සිටි එකම පවුලේ සාමාජිකයින් ද ඇතුලත්.

මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. ගින්න හටගැනීමට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

 

 

The post ස්පාඤ්ඤයේ රාත්‍රී සමාජ ශාලා 3ක හටගත් ගින්නකින් 13 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

අරමුදල් සඳහා ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල අනුමැතිය  

0 comments

ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය ෆෙඩ්‍රල් ආයතන වසා දැමීම අවසාන මොහොතේ වළක්වා තිබෙනවා.

ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනට් සභාව කෙටිකාලීන අරමුදල් සැපයීමකට එකගතාවය පළකිරීමත් සමග පෙඩ්‍රල් ආයතන වසා දැමීම අත්හිටවූවා. නොවැම්බර් මාසයේ මැද භාගය වන තෙක් රජයට අවශ්‍ය අරමුදල් සපයාදීමට මෙහිදී එකතාව පළවූ අතර යුක්රේනයට නව ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති යෝජනාව ඉදිරිපත් කළ අතර ඊට පක්ෂව ඡන්ද 88ක් හා විපක්ෂව ඡන්ද 9ක් ප්‍රකාශ කෙරුණා. සම්මත වූ යෝජනාව නීතියක් බවට පත්වූ පසු පෙඩ්‍රල් සේවාවන් අඩාලවීමක් තොරව පවත්වාගෙන යාමේ හැකියාව හිමිවනවා.

 

 

 

 

The post අරමුදල් සඳහා ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල අනුමැතිය appeared first on ITN News.

Read More »

ඉතිහාසයේ විශාලතම සාවද්‍ය තොරතුරු වාහකයා ඇමෙරිකාව බව චීනය පවසයි  

0 comments

ඉතිහාසයේ විශාලතම සාවද්‍ය තොරතුරු වාහකයා ඇමෙරිකාව බව චීනය පවසනවා.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ ගෝලීය වශයෙන් වැරදි තොරතුරු පතුරුවා හැරීමට චීනය ඇමෙරිකා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශය මේ බව සදහන් කර සිටියා.

ඇමෙරිකා වාර්තාවේ අඩංගු කරුණු සම්පූර්ණ අසත්‍ය බව චීනය පවසනවා. සීතල යුද සමයේ සිට ප්‍රචාරක අරමුණු සදහා අල්ලස් ලබාදෙමින් ප්‍රවෘත්ති හැසිරවීමට ඇමෙරිකාව කටයුතු කරන බවයි චීනය පෙන්වා දෙන්නේ.

ඉරාකයේ හා සිරියාවේ යුද ගැටුම් ද ඇමෙරිකාවට වාසි සහගත වන ආකාරයෙන් ප්‍රචාරය කිරීමට මාධ්‍ය යොදාගන්නා බවයි චීනය පවසන්නේ.

එමෙන්ම අසත්‍ය තොරතුරු පතුරවනතාක්කල් ජය ගැනීමට හැකි වන බව ඇමෙරිකාව සිතුව ද ජනතාව ඇමෙරිකාවේ එම පිළිවෙත පිළිබද මනා අවබෝධයකින් සිටින බවයි චීනය තවදුරටත් සදහන් කරන්නේ.

 

 

 

 

The post ඉතිහාසයේ විශාලතම සාවද්‍ය තොරතුරු වාහකයා ඇමෙරිකාව බව චීනය පවසයි appeared first on ITN News.

Read More »

තුර්කි පාර්ලිමේන්තුව ආසන්නයේ පිපිරීමක්  

0 comments

තුර්කි පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අන්කාරා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය හා තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

The post තුර්කි පාර්ලිමේන්තුව ආසන්නයේ පිපිරීමක් appeared first on ITN News.

Read More »

9 දෙනෙකු බිල්ලට ගත් අනතුර  

0 comments

තමිල්නාඩුවේ කූනූර් ප්‍රදේශයේ දී සංචාරකයින් රැගත් බස් රථයක් බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ මගීන් 55දෙනෙකු පමණ සිට තිබෙනවා.

කූනූර් ප්‍රදේශයේ වංගුවකින් බස් රථය හැරවීමේ දී රියදුරුට බස්රථය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ළිඳකට වැටී ඇති බව සඳහන්..

The post 9 දෙනෙකු බිල්ලට ගත් අනතුර appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG