Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝදර මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් හමුවෙයි  

0 comments

අම්බලන්ගොඩ හිරේවත්ත මෝදර දේවාලය ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් හමුවූ බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.

මුහුදේ පාවී ආ සැක කටයුතු බදුනක් පිළිබද ධීවරයෙකු අම්බලන්ගොඩ පොලිසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය මෙම බදුනේ තිබූ ජීව අත්බෝම්බයක් සොයා ගත්තා. මේ අතර වෙරළේ තිබී තවත් ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. සිංගප්පූරුවේ නිශ්පාදිත මෙම ජීව අත්බෝම්බ දෙක මුහුදේ පාවී වෙරළට ගොඩගසන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ පිළිබද වැඩිදු පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

 

Read More »

සෞඛ්‍ය ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක්  

0 comments

සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කළ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔක්තෝබර් 26 වෙනිදා සිට එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක නොවූ බවට පැමිණිලි ලැබීමයි ඊට හේතුවයි. අමාත්‍යාංශය ආරම්භ කළ මහා පරිමාණ ව්‍යාපෘති සංඛ්‍යාව 104 ක්. විදේශ ආයෝජන ව්‍යාපෘති 78 ක කටයුතු ද ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කළයුතු බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. ලබන වසරේ රෝහල් වලට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් සම්බන්ධයෙන් ද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප‍්‍රාදේශ්‍රීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට සහ රෝහල් අධ්‍යක්ෂකවරුන්ට අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා. රෝහල්වල සායනික අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

Read More »

තලවකැලේ තොග වෙළෙඳසැලක ගින්නක්  

0 comments

තලවකැලේ නගරයේ පිහිටි තොග වෙළද සැලක අද අලුයම  හදිසි ගින්නක් ඇති වුණා.

තලවකැලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය  කළා. වෙළඳසැලේ දල්වා තිබූ පහණකින් ගින්න හටගෙන ඇති බවටයි මූලික විමර්ෂණවලදී හෙළිව තිබෙන්නේ. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැති අතර සිදු වූ අලාභය ද මෙතෙක් තක්සේරු කර නැහැ . තලවකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

 

 

 

Read More »

දෙසැම්බර් 31 රාත්‍රිය අනතුරු අවම කරගනිමු  

0 comments

සෑම වසරකම දෙසැම්බර් 31 දින රිය අනතුරු, ගිනිකෙළි අනතුරු ,බීමත්ව සිදු වන කෝලාහල කරගැනීම් නිසා සිදුවන අනතුරු බහුලව වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පෙන්වා දෙයි.

බීමත්ව රිය පැදවීම,මාර්ග නීති නොතකා රිය පැදවීම, අදික බීමත් බව,වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තිරව ගිණිකෙළි දැල්වීම ආදිය මෙම අනතුරුවලට ප්‍රධන හේතුවක් බව වෛද්‍ය සිරිතුංග මහතා කියයි.

එබැවින් දෙසැම්බර් 31 රාත්‍රියෙන් උදා වන නව වසර අනතුරු අවම වසරක් කර ගැනීමට අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More »

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරකින් 04 දෙදෙනෙකු ජීවීතක්ෂයට  

0 comments

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී  හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත්  04 දෙදෙනෙකු ජීවීතක්ෂයට පත්වුණා.

කදුකර ප්‍රදේශයක ගලවා ගැනීමේ මෙහෙයුමක නරතව සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 04 දෙනෙකුගෙන් යුත් හෙලිකොප්ටර් යානයකුයි මෙසේ අනතුරට ලක් වුණේ. යානය කදුකර ප්‍රදේශයකදී  කේබල්  මාර්ගයක පැටලීමෙනුයි  අනතුර සිදුව ඇත්තේ. යානයේ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගලවා ගැනීමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු ගමන් කළා.

 

 

 

 

Read More »

එක්සත් අරාබි එමීර් තානාපති කාර්යාලයක් යළි සිරියාවට  

0 comments

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වසර හතකට පසු යළි සිය තානාපති කාර්යාලයක් සිරියාවේ විවෘත කර තිබෙනවා.

ඒ මාස කිහිපයක සිට සිරියාව සහ අරාබි රටවල් අතර ගොඩනැගුණු සබඳතාවල ප‍්‍රතිඑලයක් ලෙසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රටවල ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක් සිරියාවේ සංචාරයක ද නිරතවී තිබෙනවා. අරාබි රටවල නියෝජිතයන් තම සමීප හිතවතුන් ලෙස පිළිගන්නා බවට ජනාධිපති බෂාර් අල් අසාද් ප‍්‍රකාශයක් ද සිදුකළා.

Read More »

උතුරේ තවත් ඉඩම් අක්කර 1099 ක් නිදහස් කෙරේ  

0 comments

උතුරේ තවත් ඉඩම් අක්කර 1099 ක් නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි.

ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නොවන අයුරින් සිදුකෙරෙන ඉඩම් නිදහස් කිරීමේ කි‍්‍රයාවලියට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙනවා. යුධ හමුදාව පවත්වාගෙන යන ගොවිපොළවල් පිහිටි රජයට අයත් ඉඩම් අක්කර 1099 ක් ඒ යටතේ නිදහස් කෙරෙනවා. කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ති‍්‍රක්ක වලට අයත් එම ඉඩම් ජනවාරී දෙවන සතියේදී යළි ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

Read More »

Recent News

Gossip Lanka MAG