Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිඩ්නි නුවරට අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක්  

0 comments

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට අද (29) උදෑසන දැඩි මීදුම් තත්ත්වයක් ඇතිවී තිබුණා.

ඕස්ට්‍රේලියාවේ කාර්ය බහුලම ගුවන් තොටුපල ලෙස සැලකෙන සිඩ්නි ගුවන් තොටුපලේ ගුවන් ගමන් රැසකට මෙමගින් බාධා එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් නවතා දැමීමටයි ඕස්ට්‍රේලියා බලධාරීන් කටයුතු කළේ.

එම තත්ත්වය පැය කිහිපයක් පවතින බවත් ඉන් පසුව එය ක්‍රමයෙන් සමාන්‍ය අතට හැරෙනු ඇති බවයි එරට කාලගුණ අංශ සදහන් කර ඇත්තේ. පසුගිය සතියේදී ද මෙවැනිම තත්ත්වයක්  සිඩ්නි නුවරින් වාර්තා වුණා.

The post සිඩ්නි නුවරට අද උදෑසන දැඩි මීදුම් තත්ත්වයක් appeared first on ITN News.

Read More »

යැපුම් මානසිකත්වයෙන් මිදුණු ශක්තිමත් ජනතාවක් රටට අවශ්‍යයි  

0 comments

යැපුම් මානසිකත්වයෙන් මිදුණු ශක්තිමත් ජනතාවක් රටට අවශ්‍ය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරුණු තඹුත්තේගම පොදු වෙළෙද සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සුඛිත පුරවර ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මතයි මෙම සංවර්ධන කටයුතු සිදුකෙරුණේ. ගොඩනැගිල්ලේ බිම් මහල කඩ කාමර 8 කින් සමන්විත වන අතර දෙවන මහලේ තලාව ප්‍රාදේශීය සභාව ස්ථාපිත කිරීමට නියමිතයි. එමෙන්ම තුන්වන මහල ශ්‍රවණාගාරයකින් සමන්විත වනවා. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 73 ක්. මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post යැපුම් මානසිකත්වයෙන් මිදුණු ශක්තිමත් ජනතාවක් රටට අවශ්‍යයි appeared first on ITN News.

Read More »

අපිට අවශ්‍ය ජාතික න්‍යායපත්‍රයක් ගැන හිතන නායකයෙක්  

0 comments

එක හඩක් සුරක්ෂිත රටක් යන තේමාවෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී එම සංගමයේ සාමාජිකයින් කිහිප දෙනෙකු අදහස් පළකළා.

The post අපිට අවශ්‍ය ජාතික න්‍යායපත්‍රයක් ගැන හිතන නායකයෙක් appeared first on ITN News.

Read More »

210 වන ආදර්ශ ගම්මානය හෙට ජනතා අයිතියට  

0 comments

210 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීම භෙට සිදුවනවා. එය ඉදිකර ඇත්තේ තලාව මොරගොඩ ප‍්‍රදේශයේ. වරුණාගම නව ගම්මානයට ඇතුලත් නිවාස සංඛ්‍යාව 24 ක්. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙන බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළේ.

The post 210 වන ආදර්ශ ගම්මානය හෙට ජනතා අයිතියට appeared first on ITN News.

Read More »

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ලබන බදාදා විවෘත කෙරේ  

0 comments

පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කිරීම ලබන බදාදා සිදුකෙරෙනවා. ශ්‍රී‍්‍ර ලංකාවේ පළමු තාක්ෂණික කෞතුකාගාරය මගින් පාසල්, විශ්වවිද්‍යාල සිසුන්ට හා පර්යේෂකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද විශාල ප‍්‍රයෝජනයක් හිමිවන බවයි ජනාධිපති අතිරේක ලේකම් පී කේ එස් රවීන්ද්‍ර මහතා ප‍්‍රකාශ කළේ. තාක්ෂණික කෞතුකාගාරයට මැදිරි 7 ක් ඇතුලත්. දැනට භාෂා හතරකින් පරිවර්තන කටයුතු සිදුකෙරෙනවා. කෞතුකාගාරය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 900 ක්.

The post පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ලබන බදාදා විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

පුරාවස්තු කැනීම් කළ පුද්ගලයන් හතර දෙනෙක් අරලගන්විලදී කොටුවෙයි  

0 comments

පුරාවස්තු කැනීම් කළ පුද්ගලයන් හතර දෙනෙක් අරලගන්විල ඇල්ලේවැව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී කැනීම් උපකරණ කිහිපයක් ද සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් ති‍්‍රකුණාමලය පස්සර සහ අරලගන්විල ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් පෙරවරුවේ පෙළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post පුරාවස්තු කැනීම් කළ පුද්ගලයන් හතර දෙනෙක් අරලගන්විලදී කොටුවෙයි appeared first on ITN News.

Read More »

ඉතියෝපියාවේ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට  

0 comments

ඉතියෝපියාවේ පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන්. තවදුරටත් අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවයි එරට අග‍්‍රාමාත්‍ය අබි අහමඩ් ප‍්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත් වැඩි පිරිසක් අම්හාරා ජාතික ව්‍යාපාරයේ සාමාජිකයන්. සිය සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම භෙලාදකින බවයි එම සංවිධානය චෝදනා කරන්නේ. මේ හේතුවෙන් ඉතියෝපියාව ආශි‍්‍රතව ගැටුම්කාරී තත්වයක් උද්ගතවී ඇතැයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.

The post ඉතියෝපියාවේ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG