Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යැපුම් මානසිකත්වයෙන් මිදුණු ශක්තිමත් ජනතාවක් රටට අවශ්‍යයි  

Add comments

යැපුම් මානසිකත්වයෙන් මිදුණු ශක්තිමත් ජනතාවක් රටට අවශ්‍ය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරුණු තඹුත්තේගම පොදු වෙළෙද සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සුඛිත පුරවර ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මතයි මෙම සංවර්ධන කටයුතු සිදුකෙරුණේ. ගොඩනැගිල්ලේ බිම් මහල කඩ කාමර 8 කින් සමන්විත වන අතර දෙවන මහලේ තලාව ප්‍රාදේශීය සභාව ස්ථාපිත කිරීමට නියමිතයි. එමෙන්ම තුන්වන මහල ශ්‍රවණාගාරයකින් සමන්විත වනවා. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 73 ක්. මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post යැපුම් මානසිකත්වයෙන් මිදුණු ශක්තිමත් ජනතාවක් රටට අවශ්‍යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG