කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 346දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 17,002ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 346ක් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 17,000 ඉක්මවයි appeared first on ITN News.
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 346දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 17,002ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 346ක් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 17,000 ඉක්මවයි appeared first on ITN News.
දැදුරු ඔය කොබෙයිගනේ ප්‍ර දේශයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
The post වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කෙරේ appeared first on ITN News.
දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ හොරණ මාර්ග කිහිපයක් සංවර්ධනය කිරීම ඇරඹුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
හොරණ දික්හේනපුර සිට නර්තනගල වෙළමැද පාර හා හොරණ රාජකීය විද්‍යාල මාවත යන මාර්ග දෙකයි මෙලෙස සංවර්ධනය කිරීම ඇරඹුණේ. රාජකීය විද්‍යාල මාවත සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ හත්සිය තිස් දෙකක් පමණ වෙන්කර ඇති අතර වෙලමැද පාර සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ හත්සිය තිස් පහකට වැඩි මුදලක් වෙන් කර තිබෙනවා.
සූරියවැව විද්‍යාල මාවත සහ වැව දක්වා වූ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹුනා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන දෙසීය හැටක්. මන්තීරු දෙකකින් යුතුව මෙම මාර්ග සංවර්ධනය කෙරෙනවා. සූරියවැව රොෂාන්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම වැඩසටහනට අනුව නිවාස නොමැති ජනතාවට නිවාස ඉදිකරදීමේ වැඩසටහනක් හිගුරක්ගොඩ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේදී ආරම්භ කෙරුණා. හිගුරක්ගොඩ අක්කර හැත්තෑව ගම්මනායේ නිවාස නොමැති පවුල් පහක් සදහා නව නිවාස ඉදි කිරීම සදහා මේ යටතේ මුල් ගල් තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක් නිවසක් සදහා රුපියල් ලක්ෂ හයක මුදලක් රජය ලබාදෙන අතර ඉදි කිරීම් කටයුතු නොමිලේ සිදු කෙරෙනවා.
සපිරි ගමක් වැඩසටහන යටතේ වාද්දුව මාවල සංරේපාක් මාර්ගය සහ ඉසුරුදිසි උයන මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම සිදුවුණා. ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව මහරැක්ම අතුරු මාර්ගය ද සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම සිදුවුණා.
ග්‍රාමීය මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ රඹුක්කන දියසුන්නත බොරලුව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන විස්ස ඉක්මවනවා. මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් ගම්මාන රැසක ජනතාවට සෙත සැලසෙන අතර ඔවුන්ගේ වගා බිම් අස්වනු වෙළදපොළ වෙත ගෙන යාමට ද පහසුකම් සැලසෙනවා.
The post හොරණ මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
ඉතියෝපියාවේ ටිග්‍රෙරි ප්‍රාන්තයේ පාලනය සම්පූර්ණයෙන් රජයේ හමුදා යටතට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය අබි අහමඩ් පවසනවා. සති දෙකක පමණ කාලයක් පුරා සටන්කරුවන් හා රජයේ හමුදාව අතර මෙම ප්‍ර දේශයේදී ගැටම් සිදුවන අතර විසි දහසක පමණ පිරිසක් සූඩානය වෙත සංක්‍රමණය වී ඇති බවයි වාර්තා වන්නේ. ගැටුම් අතරතුරදී සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සංඛ්‍යාව දහස් ගණනක් වුවද විය හැකි බවයි යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරන්නේ.
The post ඉතියෝපියාවේ ටිග්‍රෙරි ප්‍රාන්තයේ පාලනය රජයේ හමුදා යටතට appeared first on ITN News.
කළු ජාතිකයින් ට සිදුවන අසාධාරණකම්වලට විරෝධය පල කරමින් පැවති උද්ඝෝෂණ අතරතුරදී විරෝධතාකරුවන් හා ප්‍රංශ පොලිසිය අතර දරුණු ගැටුම් හටගෙන තිබෙනවා.
නිරායුධ කළු ජාතික සංගීතඥයෙකුට ඊයේ දිනයේදී ප්‍රංශ පොලිසිය පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීම ආරම්භ වීමත් සමග ම මෙම උද්ඝෝෂණ ආරම්භ වුණා. විරෝධතාකරුවන් ගෘහ භාණ්ඩ හා මෝටර් රථ මහා මාර්ග මධ්‍යයේ ගිනි තබමින් තම කෝපය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. පැරිස් අගනුවර කඩසාප්පු රැසක් ද ගැටුම් අතරතුරදී දැඩි අලාභ හානියට ලක්ව තිබෙනවා. කෙසේ වුවද කළු ජාතික සංගීතඥයාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවයි එරට ජනාධිපති එමානුවෙල් මැක්රන් පවසන්නේ.
The post විරෝධතාකරුවන් හා ප්‍රංශ පොලීසිය අතර දරුණු ගැටුම් appeared first on ITN News.
දකුණු ආසියාවේ වයස්ගතභාවය අතින් දෙවනි තැන සිටින කාන්තාව ලෙස සැලකෙන කළුතර දොඩම්ගොඩ ක්ලෝඩන් වතුයායේ පදිංචි වේලු පාප්පානි මිත්තණිය වෙත නව නිවසක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කටයුතු කළා.
ක්ලෝඩන් වතුයායේ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය දා එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමුකර ඊට විසදුම් ලබාදීමට පොරොන්දු වුණා. වයස්ගත කාන්තාව ජීවත් වූ නිවසේ තිබූ අඩුපාඩු පිළිබද අවධානය යොමු කළ සංජීව එදිරිමාන්න මහතා සිය පෞද්ගලික ධනය යොදවා නව නිවසක් ඉදි කර පරිත්‍යාග කිරීමටයි කටයුතු කළේ. එම අවස්ථාවට එදිරිමාන්න මහතාගේ පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියා.
The post ලංකාවේ වයස්ගතම මිත්තණියට මන්ත්‍රී සංජීවගෙන් හිසට සෙවණක් appeared first on ITN News.
මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.
මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍යවරයා හමුවූයේ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයී. සමුද්‍රීය ආරක්ෂක, සහයෝගීතාව පිළිබද හමුවට එක්වීමට මෙරටට පැමිණි මාලදිවයින් ආරක්ෂක ප්‍රධානීන් පිරිස මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග කලාපීය ආරක්ෂාවට අදාළව කරුණු සාකච්ඡා කළා.
මත්ද්‍රව්‍ය, පාතාලකල්ලි හා නීති විරෝධී ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය හා අන්තවාදය මෙන්ම ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරටේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට මෙම හමුවේදී වැඩිදුරටත් අවධානය යොමු වුණා.
The post මාලදිවයින් ආරක්ෂක ඇමතිනී අගමැති හමුවෙයි appeared first on ITN News.