මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.
මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍යවරයා හමුවූයේ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයී. සමුද්‍රීය ආරක්ෂක, සහයෝගීතාව පිළිබද හමුවට එක්වීමට මෙරටට පැමිණි මාලදිවයින් ආරක්ෂක ප්‍රධානීන් පිරිස මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග කලාපීය ආරක්ෂාවට අදාළව කරුණු සාකච්ඡා කළා.
මත්ද්‍රව්‍ය, පාතාලකල්ලි හා නීති විරෝධී ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය හා අන්තවාදය මෙන්ම ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරටේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට මෙම හමුවේදී වැඩිදුරටත් අවධානය යොමු වුණා.
The post මාලදිවයින් ආරක්ෂක ඇමතිනී අගමැති හමුවෙයි appeared first on ITN News.
Post a Comment