අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතා අනුව පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.
පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂවරුන් සමග පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියාසිටියා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ඉලක්ක සපුරා ගනීමේ අරමුණෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනා ජනතාව අතරට ගෙනයාම මෙම වැඩපිළිවෙලේ ඉලක්කයයි.
මෙවර අයවැයෙන් ග්‍රාමීය නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීමට රුපියල් මිලියන දෙදහසක් වෙන්කර තිබෙනවා. මේ තුළින් කාන්තා ව්‍යවසායිකාවන් නිර්මාණය කර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට ග්‍රාමීය මට්ටමෙන් වෙළෙසැල් ආරම්භ කරන බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
The post අයවැය ක්‍රියාත්මක කරන්න ග්‍රාමීය කමිටුවල සංවර්ධන යෝජනාවලටත් මුල් තැනක් appeared first on ITN News.
Post a Comment