Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර යුක්‍රේනයේ මිසයිල ප්‍රහාරයකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය හිතාමතා එල්ල කළ එකක් බවට පවසමින්, යුක්‍රේන ජනපති විසින් හෙළා දැක තිබෙනවා.

The post නැගෙනහිර යුක්‍රේනයේ මිසයිල ප්‍රහාරයකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජපානයත් සඳ ගවේෂණ මෙහෙයුමට එක්වෙයි  

0 comments

ජපානය ද සඳ ගවේෂණය සඳහා වන මෙහෙයුමට අද එක්වුණා.

ඒ මූන් ස්නයිපර් රොකට්ටුව අභ්‍යවකාශ ගත කරමින්.

සඳ ගවේෂණය සඳහා වන ලෝක මෙහෙයුමට සිය දායකත්වය ලබාදෙමින් ජපානය සිය නවතම රොකට්ටුව අභ්‍යවකාශ ගත කළේ මීට පෙර අවස්ථා දෙකක දී ලද අසාර්ථකත්වයත් සමඟින්.

අප්‍රේල් මාසයේ දී හා පසුගිය නොවැම්බර් මාසයේ දී ජපානය රොකට්ටුවක් යැවීමට උත්සහ කළ  ද ඒවා පුපුරා යාම හේතුවෙන් මෙහෙයුම් අසාර්ථක වුණා.

කෙසේ වෙතත් අද අභ්‍යවකාශ ගත කළ රොකට්ටුව සාර්ථකව ගමනාන්තය කරා ළගා වුවහොත් ලබන පෙබරවාරි මාසයේ දී සඳ මත ගොඩබෑමක් සිදුවනු ඇති.

මේ සඳහා ජපානය වැය කරන සමස්ත මුදල ඩොලර් මිලියන 100ක්.

සැහැල්ලු යානාවක් වන මෙය මිල අවම වන පරිදි නිර්මාණය කෙරුණා.

එක්ස්රේ ඡායා රූප ලබාගත හැකි තාක්ෂණය ද එය සතුව පවතිනවා.

මෙම මෙහෙයුම ජපාන , ඇමෙරිකා අභ්‍යවකාශ ඒජන්සි ඒකාබද්ධවයි සිදු කරන්නේ.

 

 

 

 

 

 

The post ජපානයත් සඳ ගවේෂණ මෙහෙයුමට එක්වෙයි appeared first on ITN News.

Read More »

G20 සමුළුවට සියල්ල සූදානම්  

0 comments

ජී 20 සමුළුව අනිද්දා ඉන්දියාවේ දී ආරම්භ වනවා.

ඒ වෙනුවෙන් සූදානම් කිරීමේ කටයුතු කඩිනමින් සිදුවන ආකාරය දැකගත හැකියි.

ජී 20 සාමාජිකත්වය දරණ ඉන්දියාව මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය ලබාදෙනවා.

එහි සමාරම්භක උත්සවය නවදිල්හි භාරත් මණ්ඩපම් ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දීයි පැවැත්වෙන්නේ.

මේ වෙනුවෙන් ඉන්දියාව ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් මිලියන 100ක්.

මීට සමගාමිව කුඩා සමුළු 200ක් ද පැවැත්වෙනවා.

නගර 50ක් කේන්ද්‍රකර ගනිමින් සම්පුර්ණ වැඩසටහන ක්‍රියාත්මකයි.

යෝග අභ්‍යාස , සංස්කෘති සංදර්ශන හා විශේෂ අංග රැසකින් සමන්විතව ජී 20 සමුළුවේ වැඩසටහන් පැවැත්වෙනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා ඇතුලු ලෝක නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙනවා.

 

 

 

 

The post G20 සමුළුවට සියල්ල සූදානම් appeared first on ITN News.

Read More »

සුඩාන හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් 32ක් මියයයි  

0 comments

සුඩාන හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් 32 දෙදෙනකු මිය ගොස් තිබෙනවා.

සුඩාන හමුදාවේ කාලතුවක්කු ප්‍රහාරවලින් මෙම සිවිල් වැසියන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා කාටූම් අගනුවර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එරට හමුදාව හා පැරාමිලිටරි කණ්ඩායම් අතර අඛණ්ඩ ගැටුම් පවතිනවා.

කාටූම් හා ඔම්ඩුර්මාන් නගරවල වැඩි කොටසක බලය අල්ල ගෙන සිටින්නේ පැරාමිලිටරි කණ්ඩායම් විසින්.

මේ වන විට රජයේ හමුදා ප්‍රධාන සැපයුම් මාර්ග අවහිර කරමින් පැරාමිලිටරි කණ්ඩාම් මර්දනය කිරීමට සමත්ව සිටිනවා.

 

 

 

 

 

The post සුඩාන හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් 32ක් මියයයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාව යුක්‍රේනයට ඩොලර් බිලියන එකක ආධාර ලබාදීමේ නව සැලැස්ම එළිදක්වයි  

0 comments

ඇමෙරිකාව යුක්‍රේනයට ඩොලර් බිලියන එකක ආධාර ලබාදීමේ නව සැලැස්ම එළිදක්වා තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මෙය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ඩොලර් මිලියන 665 ක යුද ආධාර ඊට ඇතුළත්.

සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආධාර ලබාදීමද එයට එක් කර තිබෙනවා.

ගිණිකොණ දිග යුක්‍රේනයට රුසියා හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන අතරතුරයි මෙම නව සැලැස්ම ප්‍රකාශයට පත් කෙරුණේ.

යුද ආධාර යටතේ මිසයිල පද්ධති, යුද ටැංකි නාශක අවි මෙන්ම දිගු දුර අවි රැසක් ද ඇතුළත්.

මෙම ආධාර සැප්තැම්බර් මාසය මැද භාගය වන විට යුක්‍රේනයට ලබාදීම ඇමෙරිකාවේ සැලසුමයි.

 

 

The post ඇමෙරිකාව යුක්‍රේනයට ඩොලර් බිලියන එකක ආධාර ලබාදීමේ නව සැලැස්ම එළිදක්වයි appeared first on ITN News.

Read More »

චීන මහා ප්‍රාකාරයට හානි කළ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

චීන මහා ප්‍රාකාරයට හානි සිදු කිරීම හේතුවෙන් කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීනයේ ෂැංෂි ප්‍රාන්තයේ චීන මහා ප්‍රාකාරයට අයත් කොටසකට හානි සිදුකරමින් පසුගිය 24 වන දින අත්අඩංගුවට ගත් පුද්ගලයින් මාර්ගයක් ගොඩනගා තිබෙනවා.

ඔවුන් දෙදෙනා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් වන අතර ඔවුන්ගේ වැඩ බිමට ගමන් කිරීමට කෙටි මාර්ගයක් නිර්මාණය කිරීම සඳහායි මෙලෙස චීන මහා ප්‍රාකාරයට හානි සිදු කර ඇත්තේ.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී පමණ චීන මහා ප්‍රාකාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර සියවස් ගණනාවක් එහි ඉදිකිරීම් සිදු කෙරුණා.

දැනට එහි ඉතිරිවී ඇති කොටස් යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙසයි නම්කර ඇත්තේ.

 

 

 

The post චීන මහා ප්‍රාකාරයට හානි කළ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

තම මවට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හමුදා පාලනය ඉඩ දී නැහැ – අවුන් සාන් සූ කිගේ බාල පුතු  

0 comments

තම මවට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හමුදා පාලනය ඉඩ ලබා දී නොමැති බවට මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සූ කිගේ බාල පුත්‍රයා වන කිම් ඇරිස් චෝදනා කරනවා.

සිරගත කර සිටින මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සු කී මේ වන විට රෝගාතුරව සිටින අතර ඇයට හදිසි ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට හමුදා පාලනය අවසර ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

අවුන් සාන් සු කී මේ වන විට දන්ත රෝගයකින් පෙලෙන අතර ඒ හේතුවෙන් ආහාර ලබා ගැනීම ද සිදු නොකරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම ඇය අඩු රුධිර පීඩනයෙන් පෙලෙන බවද සඳහන්.

කෙසේ වුවද මියන්මාර හමුදා මාධ්‍ය ප්‍රකාශකයා සදහන් කළේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් හමුදා හා සිවිල් වෛද්‍යවරුන් නිරන්තර අවධානයෙන් පසු වන බවද ඔහු සදහන් කරනවා.

 

 

The post තම මවට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හමුදා පාලනය ඉඩ දී නැහැ – අවුන් සාන් සූ කිගේ බාල පුතු appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG