ග්වාතමාලා රාජ්‍යයේ ෆියුගෝ ගිනිකන්දේ තවත් විශාල පිපිරීමක් සිදුවන බවට අනතුරු අඟවා තිබෙනවා. ඒ හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
ගිනි කන්ද සක්‍රීයවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 200කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව එරට වාර්තා සඳහන් කරනවා. උණුසුම් වාතය , අළු සහ පාෂාණ කැබලි විසිරීම හේතුවෙන් අවට ගම්මාන රැසක් විනාශයට පත්ව තිබෙනවා. මධ්‍යම ඇමෙරිකාව තුළ ගිනිකඳු 34 ක් පිහිටා තිබෙනවා. ගිනිකන්ද සක්‍රීයවීම හේතුවෙන් මිලියන දෙකකට ආසන්න පිරිසකට බලපෑම් එල්ලවිය හැකි බව එරට බලධාරීන් පවසනවා.
Post a Comment