Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2009 සිට 2014 දක්වා වී අලෙවි මණ්ඩලයේ අලාභය මිලියන 7152 ක්  

Add comments

2009 වසරේ සිට 2014 දක්වා වසර 05ක කාලය තුළ වී අලෙවි මණ්ඩලයට සිදුව ඇති අලාභය රුපියල් මිලියන හත්දහස් එකසිය පනස් දෙකක් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා පවසනවා.  වත්මන් රජය යටතේ එය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම සදහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියත්මක බවද  ඒ මහතා කියා සිටියා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වී අලෙවි මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳ එම කාර්යාලයේදී ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වුණා.

වී අලෙවි මණ්ඩලය පසුගිය කාලය පුරා පාඩු පිට පවත්වාගෙන ගිය ආයතනයක් බවයි එහිදී අවධාරණය කෙරුණේ. එම කාලය තුළ සෝමාලියාවට නොමිලේ සහල් සැපයීම, වී මෙට්‍රික්ටොන් විශාල ප්‍රමාණයක් සත්ත්ව ආහාර ලෙස පෞද්ගලික අංශයට අලෙවි කිරීම වැනි තීන්දු තීරණ රැසක් හේතුවෙන් එම පාඩුව සිදුව ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා පෙන්වා දුන්නේ. වී අලෙවි මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා මේ වනවිට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක බව ද ඒ මහතා අවධාරණය කළා.

සහල් සහන මිලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කියාසිටියා. මෙම වසරේ යල කන්නයේදී වී මෙට්‍රික්ටොන් විසිදහසක් මිලදී ගැනීමට රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225 ක් ආරම්භ කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG