Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනි කන්දකට 25 ක් බිලි  

Add comments

ග්වාතමාලාවේ ෆියෝගෝ ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 300කට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති බව එරට වාර්තා සඳහන් කළා.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවන් තුන් දෙනෙකු ද වන බවයි වාර්තා වුණේ. ග්වාතමාලා අගනුවරට කිලෝ මීටර 40ක් දුරිනුයි මෙම ගිනි කන්ද පිහිටා තිබෙන්නේ. එරට ආපදා කළමනාකරණ අංශය පැවසුවේ එල් රෝඩියෝ ප්‍රදේශයේ ලාවා ගලා ඒම හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි. 3000කට වැඩි පිරිසක් එම ගම්මානවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. නිවාසවල සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි. ලාඅරූරෝ ගුවන් තොටුපොල වසා දැමීමට පියවර ගත්තා. මේ අනුව ග්වාතමාලා රජය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. 1974 වසරෙන් පසු ෆියුගෝ ගිනි කන්ද විශාල වශයෙන් සක්‍රීය වූ අවස්ථාව මෙය වනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG