
කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි තුන්සියයක ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරා සහ තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොළඹ, තලවාකැළේ මාර්ගයේ නාගසේන තිස්පනේ ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ රියදුරා සහ අනෙක් පුද්ගලයා ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවර එළිය මූලික රෝහලට මාරු කර යැවුනා. රියදුරාට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය ප්‍රකාශ කළා.
Post a Comment