Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

39 වන උපන් දිනය වෙනුවෙන් රූපවාහිනී මහගෙදර සර්ව රාත්‍රික පිරිත් දේශනය අද  

Add comments

දිවයිනේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී සේවය සිය 39 වන උපන් දිනය අද (05) සමරනවා. ඒ වෙනුවෙන් වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී අද (05) සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වෙනවා.

අද (05) රාත්‍රී 8 සිට පසුදා පහන් වනතුරු වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාල පරිශ්‍රෙය්දී  සර්ව රාත්‍රික පිරිත් දේශනය  පැවැත්වීමට නියමිතයි. පූජ්‍ය මාගල්කඩවල පුන්‍යසාර ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි පිරිත් පිංකම  පැවැත්වෙනවා. රාත්‍රී 10 සිට එය අයිටිඑන් ඔස්සේ විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. මහා සංඝයා වහන්සේ තිස්නව නමක උදෙසා පසුදා හීල් දානය පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.

අයි ටී එන් 39 වන සංවත්සරය වෙනුවෙන් හින්දු ආගමික වතාවත් ජින්තුපිටිය ශ්‍රී කදිර්වේලායුධර් කෝවිලේදී පැවැත්වුණා. ඒ ශිවා ශ්‍රී වී සුබ්‍රමනියම් කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන්. ජයවඩනගම ජුම්මා මස්ජිඩ් දේවස්ථානයේදී ඉස්ලාම් ආගමික වතාවත් සිදුකෙරුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. අල්හාජ් මර්ජාන් මවුලවිතුමා එහිදී ආගමික වතාවත් සිදු කළා. මේ අතර බත්තරමුල්ල පැලවත්ත ජුවාම් දල්බස්තෝනි දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙය පැවැත්වුණා. රවීන් දර්ශන පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති දේව මෙහෙයට බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වුණා. මෙම ආගමික වතාවත් සඳහා අයිටිඑන් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න, සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ යන මහත්වරුන් ඇතුලු ඉහළ කළමනාකාරිත්වය ද සහභාගි වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG