Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

75වන උදා ගම්මානය මඩකලපුවට  

Add comments

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 75වන උදා ගම්මානය වන මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරළේ පත්තු, කන්නගිපුරම් හි “පුල්ලෛ නගර්” අද (04) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.

මෙහි මුළු නිවාස ගණන 25කි. මෙහි ඉදිකිරීම් කටයුතු 2016 වසරේ ජූනි 03දා වන අතර නිවාස ඉදිකරගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ලබා දී තිබේ. මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 2.5කි. සෑම නිවසකටම පර්චස් 10බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 19කි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG