Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධීව විදේශ රැකියා වලට යොමු කලොත් දැඩි පියවර  

Add comments

නීති විරෝධී ලෙස පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමු කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති උත්සවයක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

විදේශ රැකියාවල නිරතව සිටිය දී මිය ගිය පුද්ගලයින් සඳහා වන්දි පිරිනැමීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ස්වභාවික හේතු සහ වෙනත් හේතු නිසා මිය ගිය පුද්ගලයින් විසි දෙදෙනෙකුගේ පවුල්වල ඥාතීන් වෙත මෙහිදී වන්දි පිරිනැමුණා. දේශීය රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සහ විදේශීය රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ 10ක් ලෙස රුපියල් ලක්ෂ 70ක වන්දි මුදලක් මෙහිදී ලබා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG