Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක්  

Add comments

සෑම ක්ෂේත්‍රයකම විහිදී යන දැවැන්ත සංවර්ධනයක් ඔස්සේ සියලු දෙනාට ප්‍රතිලාභ හිමිවන සංවර්ධන සංග්‍රාමයකට මුලපුරා තිබෙනවා. එය වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලකා ව්‍යාපෘතිය රජය ආරම්භ කර තිබෙන්නේ නව ව්‍යවසායකයින් නගාසිටුවීමේ අරමුණින්. ව්‍යවසායකයින්ගේ සහජ  නිපුනතා තුළින් ව්‍යවසාය පාරාදීසයක් ගොඩනැගීම එන්ටප්‍රයිස් ශ්‍රී ලකා වැඩසටහනේ අපේක්ෂාවයි. ඒ සදහා ණය යෝජනා ක්‍රම රැසක් හදුන්වා දී තිබෙනවා.

2017 සහ 2018 අය වැය යෝජන යථාවත් කරමින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකු විදේශීය මූල්‍ය සහයෝගීතා ආයතන සහ සෙසු සහභාගීත්ව ආයතනවල සහාය මේ සදහා හිමිව තිබෙනවා. ලබන වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් හදුන්වාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ඔවුන් තම ශක්තියෙන් ස්ථාවර වනතෙක් සියලු පහසුකම් ලබාදීම මෙන්ම ලබාගන්නා ණයවල පොළියෙන් විශාල ප්‍රමාණයක් රජය ගෙවීමටද නියමිතයි.

ගොවි, ධීවර, පශු සම්පත්, ගෙවතු, අත්කම් හා ඇඟලුම් සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක ව්‍යවසායකයින්ට මේ තුළින් පහසුකම් සැලසෙනවා. ඔවුන්ට රුපියල් මිලියන හත්සිය පනහක් දක්වා ණය ලබාදෙන වැඩසටහන් 15 කට වැඩි සංඛ්‍යාවක් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට ඇතුළත්. විශ්වවිද්‍යාල වරම් නොලැබෙන දක්ෂතා සහිත තරුණ තරුණියන් මෙම ව්‍යාපෘතියේ ඉලක්කගත සුවිශේෂී කණ්ඩායමක්. මෙම ව්‍යාපෘතිය තුළින් බිහිවන ව්‍යවසායකයින් ලබාගන්නා ණය පොළියෙන් විශාල ප්‍රමාණයක් රජය ගෙවන අතර ඒ සදහා මෙම වර්ෂය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන පහක්. ඕනෑම ව්‍යාපාරයක් සදහා ඉදිරිපත් වන කාන්තාවන්ට රජය ලබාදෙන ණය සහනයට තවත් සියයට දහයක් එකතු කෙරෙනවා. ආබාධ සහිතවූවන්ට ද මෙම ණය ක්‍රමය යටතේ තවත් සියයට දහයක වැඩි පොළී සහනයක් ලබාදීම සැලසුමයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රම කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සදහා සෑම රාජ්‍ය බැංකුවකම ලබන මාසයේ සිට විශේෂ කවුළුවක් වෙන් කෙරෙනවා. ණය ලබා ගැනීමේදී ඇපකරුවන් අවශ්‍ය නොවන අතර ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් නව රැකියා පනස් දහසක් බිහි කිරීමද අපේක්ෂාවයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG