Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිඟයකින් තොරව යල කන්නය සඳහා ගොවීන්ට පොහොර  

Add comments

කිසිදු හිඟයකින් තොරව යල කන්නය සඳහා ද ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමට පියවර ගෙන තිබෙනවා.කෘෂිකර්ම අමාත්‍යාංශය කළින් සැලසුම් කළ පරිදි වගා කිරීමට යෝජිතව තිබුණේ කුඹුරු හෙක්ටාර ලක්‍ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක්. එහෙත් වැසි ලැබීම හේතුවෙන් මෙවර යල කන්නයේ වගා කරන කුඹුරු සංඛ්‍යාව හෙක්ටාර පන්ලක්‍ෂ 38,399 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොහොර සහනාධාරය ද කිසිදු හිඟයකින් තොරව ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව යල කන්නය සඳහා රජය සහනාධාරය යටතේ නිකුත් කරන පොහොර ප්‍රමාණය මෙට්‍රික්ටොන් එක් ලක්‍ෂ 62,179ක්. මෙවර යල කන්නයේ පොහොර සහනාධාරය සඳහා රජය රුපියල් මිලියන නවදහස් පන්සිය පනස්එකකට අධික මුදලක් වෙන්කර තිබෙනවා. වී වගාව සඳහා ලබා දෙන පොහොර මිටියක් රුපියල් 500 කට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මිලදී ගත හැකි වනවා. සෙසු වගා සඳහා යූරියා පොහොර මිටියක් රුපියල් 1500කට නියෝජිත ආයතනවලින් ද මිලදී ගත හැකියි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG