Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සරණ ගුණවර්ධනට වරෙන්තු  

Add comments

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) වරෙන්තුවක් නිකුත් කළා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන සමයේ දී රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය කර, තමන් ධුරයෙන් ඉවත් වන විට එය ආපසු භාර නොදීම සම්බන්ධ නඩුවට අධිකරණයේ දී පෙනී නොසිටීම වරෙන්තු නිකුත් කිරීමට හේතුවයි.

ඔහු පසුගිය නඩු වාරයේ ද අධිකරණයට පැමිණ සිටියේ නැහැ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කිහිපයක් සඳහා පෙනී සිටින බැවින් අධිකරණයට නොපැමිණි බවයි සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG