
කිලිනොච්චිය ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමට අදාළව අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් හයදෙනා ලබන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කිලිනොච්චිය, අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුනු දිවියෙකු එම ගම්වාසීන් විසින් පහර දී මරා දමා තිබුණේ පසුගිය 21 වනදායි. මෙම දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට ගිය වනජීවී නිලධාරීන්ට ගම්වැසියන්ගෙන් ඒ සදහා ඉඩක් ලැබුණේ නැහැ. වනජීවී නිලධාරීන් ආරක්ෂක අංශ සමග එම ස්ථානයට පැමිණෙන විට අදාළ සත්වයා ඝාතනය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පසුව තවත් සැකකරුවන් 4 දෙනෙකු අද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මෙම සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වීඩියෝ පට හා ඡායාරූප ඔස්සේ හදුනා ගැනීමෙන් අනතුරුවයි. ඔවුන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
Post a Comment