
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කළා.
පසුගිය රජය සමයේ වීරකැටිය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා තිබුණේ. අදාළ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචානාධිකරණයේදී එකඟ වී තිබුණා. ඒ අනුවයි ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කළේ.
Post a Comment