මඩකලපුව කාත්තන්කුඩි අලියාර් මංසන්ධියේ සිදු වූ වෙඩි තැබීමකින් ආපනශාලා හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. හැත්තෑ තුන්හැවිරිදි පුද්ගලයෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම ආපනාශලා හිමිකරුට වෙඩි තබා ඇති බව වාර්තා වනවා.
ඊයේ (08) රාත්රී එකොළහට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ. කාත්තන්කුඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.
Post a Comment