සම්මානිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (8) සිදු කිරීමට නියමිතයි. නවයයි පහ, ආනන්ද රාත්‍රී, සකිසඳ වැනි රූපවාහිනී වැඩසටහන් තුළින් හේම නලින් කරුණාරත්න නොමඳ සහෘද ප්‍රසාදයකට ලක්වුණා. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අද (7) පෙරවරුවේ පැමිණියා.
මේ අතර ශෝක පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා ශ්‍රී ලාංකේය නිවේදන කලාව තුළ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනැගූ අයෙකු බවයි. දෙස් විදෙස් අත්දැකීම් හා පුහුණුව ලබමින් ඔහු මහත් කැපවීමෙන් සිය වෘත්තීය ජීවිතයේ ප්රගමනය වෙනුවෙන් කටයුතු කළා. හේම නලින් කරුණාරත්නයන්ගේ සරළ සැහැල්ලු එමෙන්ම දැනුවත් සහ වියත් ප්‍රවේශක භූමිකාව රූපවාහිනී තිරයට පරිපූර්ණ අපූර්වත්වයක් එක්කළ බව අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන්. දේහය හෙට (8) පෙරවරු නවයයි තිහ දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත්කර තිබෙනවා. ඉන් අනතුරුව බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
Post a Comment