Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ දේශපාලන පක්ෂ නායකයෙකුට එල්ලවූ ප්‍රහාරයකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පාකිස්තානයේ දේශපාලන පක්ෂ නායකයෙකුට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් වන ජමාද් ඊ ඉස්ලාම් පක්ෂයේ නායක ෂිරජුල් හක්ට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබෙනවා.

බලුකිස්ථාන ප්‍රාන්තයේ පැවති රැලියක් අතරතුර මෙම පක්ෂ නායකයාගේ රථ අසලට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරය එල්ල කළා.

කෙසේ වුවද පක්ෂ නායකයාට හෝ ඔහුගේ වාහනයේ ගමන් කළ කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

එහෙත් වාහනය අසල සිටි 7දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙය 1941 වසරේ පිහිටවූ පාකිස්ථාන නිදහස් සටන වෙනුවන් ද ක්‍රියාත්මක වූ දේශපාලන පක්ෂයක්. ඔවුන් වර්ථමාන අග්‍රාමාත්‍යවරයාට සහාය දක්වනවා.

 

 

 

 

The post පාකිස්තානයේ දේශපාලන පක්ෂ නායකයෙකුට එල්ලවූ ප්‍රහාරයකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG