Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රංජන්ගේ ප්‍රකාශය ගැන නීතිපතිවරයාට නියෝගක්  

Add comments

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන මස 30 වනදා අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොණු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා.

අධිකරණයට අපහාස කිරීමට අදාලව එස් බී දිසානායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ ක්‍රමවේදයට අනුව මෙම අවස්ථාවේ ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මේ සඳහා නීතිපතිවරයාගේ මැදිහත්වීමට වඩා සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව කටයුතු කිරීම සුදුසු බවයි රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ප්‍රකාශ කළේ. පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ සිදුකර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත ස්වාමීන්වහන්සේ ඇතුලු පාර්ශ්වයන් දෙකක් මෙම පෙත්සම් ගොණු කර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG