
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ මැද පෙරදිග සංචාරය අතරතුර ඔහු ඊශ්‍රායලයට අද (26) පැමිණියා. විලියම් කුමරු සිය මැද පෙරදිග සංචාරය ආරම්භ කළේ පෙරේදා දිනයේයි. සංචාරයේ දෙවන දිනයේදී ඔහු ඊශ්‍රායලයේ ටෙල්අවීව් නුවරට පැමිණියා.
වසර 70 කට පසු ඊශ්‍රායලයේ හා පලස්තීනයේ සංචාරය කරන බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ප්‍රථම සාමාජිකයා විලියම් කුමරුයි. ඔහු ජෙරුසලමේ ද සංචාරයකට සහභාගි වුණා. ඊශ්‍රායලයේ ශාන්තමරියා මග්දලේනා දේවස්ථානය නැරඹීමට විලියම් කුමරු එක්වන අතර ඔහුගේ මීමුත්තන්ගේ සොහොන් ගෙය වෙත යාමට ද නියමිතයි.
Post a Comment