Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රන් පදක්කම්ලාභී පාරමි වසන්තිට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්  

Add comments

2018 ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් පාරමි වසන්ති මාරිස්ටෙලා කී‍්‍රඩිකාවගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩා ජයග‍්‍රහණ රැසක් අත්කරගත් මෙම දැරියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඇයගේ ඉදිරි කී‍්‍රඩා දිවිය වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය ආර්ථික අපහසුතා රැසක් මැද සිය කටයුතු කරගෙන යන අතර, ධීවර කර්මාන්තයේ නිරතවන ඇයගේ පියාගේ එම ජීවනෝපායමාර්ග වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් මෙන්ම පවුලේ ඉදිරි සුබසාධන කටයුතු වෙනුවෙන් ඉදිරියේදී ද සහය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

2018-06-09 වන දින ජපානයේ ගිෆු නගරයේ පැවති ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරඟාවලියේ මීටර් 3000 බාධක දිවීමේ තරඟයෙන් රන් පදක්කමක් දිනා ගැනීම, 2016-06-13 වන දින රුසියාවේ පැවති ආසියානු ළමා කී‍්‍රඩා තරඟාවලියේ මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් රිදී පදක්කමක් දිනා ගැනීම 2017 වසරේ ඩුබායිහි පැවති 18 න් පහළ රගර් තරඟාවලිය නියෝජනය කිරීම ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ රැසක් පාරමි වසන්ති මාරිස්ටෙලා දැරිය විසින් රටට දිනා දී තිබෙන අතර ජාතික මට්ටමේ තරගවලදී නව වාර්තා ද පිහිටුවමින් විශ්ෂට දක්ෂතා රැසක් දක්වා තිබේ.

කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ දැරියගේ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG