Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට සියලු පහසුකම්  

Add comments

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් සදහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් පොසොන් කලාප, දන්සැල් සහ තොරණ රැසක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. සැදැහැවතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය වෙනුවෙන් පොලිස් නිලධාරීන් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය හා බස් සේවා ද ක්‍රියාත්මකයි.

 අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) – විජය සමරසිංහ,

මේ අතර පොසොන් පොහොය මුල්කරගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ පොළොන්නරුව දිසා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙනුයි එම කටයුතු සංවිධාන කෙරෙන්නේ. ගල්විහාර පුද බිමේ දී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කදුරුවෙල දී දැවැන්ත පොසොන් කලාපයක් ද ඒ අතර වනවා. වන්දනාව සඳහා පැමිණෙන ජනතාවට දිය නෑම සඳහා සුදුසු ස්ථාන නම්කර ජීවිත ආරක්ෂක කණ්ඩායම් හා බෝට්ටු සේවාවන් ද යොදවා ඇති බව පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා. පොළොන්නරුව දිසා ලේකම්වරයා සඳහන් කරන්නේ පොසොන් වන්දනාව සඳහා පොළොන්නරුවට පැමිණෙන ජනතාවට සියලු පහසුකම් සපයා ඇති බවයි.

රංජිත් ආරියරත්න – පොළොන්නරුව දිසා ලේකම්,

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG