Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජකාරියට අපහසු නම් ළගම තැපැල් අධිකාරියට එන්න  

Add comments

තමන් සේවය කරන කාර්යාලයට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු වන අය ළගම පිහිටි ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයට වාර්තා කරන ලෙසත්, එසේ වාර්තා කරන කාර්ය මණ්ඩලය වෙත අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත් සියලුම පළාත් නියෝජ්‍ය තැපැල්පති වරුන් හා ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන් වෙත උපදෙස් දි ඇති බව තැපැල්පති ඩී.එල්.පි.ආර්.අභයරත්න මහතා පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අපේක්ෂිත පරිදි මහජන සේවය සැපයීමට බාධාවන් එල්ලවී ඇත. ඒ අනුව මහජන සේවය අඛන්ඩව පවත්වා ගෙන යාම සඳහා තැපැල් සේවක නිවාඩු අවලංගු කර ඇත. තවද රාජකාරියට වාර්තා කරන තැපැල් සේවකයන් සඳහා බාධා කිරීම් සිදුවන බවද වාර්තා වී ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG