Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමස්ත විදුලි පාරිභෝජනයෙන් 2%ක් විදී ලාම්පුවලට  

Add comments

සමස්ත විදුලි පාරිභෝජනයෙන් (2%) වැය කරමින් දිවයින පුරා වීථි ලාම්පු ලක්ෂ 7 දැල්වෙන බව පසුගිය දා රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති මහජන උපදේශන වැඩමුළුවේදී හෙලිදරව් වී තිබෙනවා.වීථි ලාම්පු කළමනාකරණය පිළිබඳ යෝජිත ජාතික සැලැස්ම සහ විදුලිබල, පානීය ජල හා ඛනිජ තෙල් සම්බන්ධ පරිභෝගික ගැටළු විසදීමේ යාන්ත්‍රණය සැකසීම පිළිබඳ සබරගමුව පළාත් මහජන උපදේශනය එදින පැවැත්විණි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පළාත් පාලන ආයතන හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම මහජන උපදේශන වැඩමුළුව ක්‍රියාත්මක කරයි.

දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩමුළු මාලාව පැවැත්වෙන අතර එදින පවත්වනු ලැබුවේ එහි තෙවැනි වැඩමුළුව ය.මේ සඳහා සබරගමුව පළාතේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාකරකයින් හා සබරගමුව පළාතේ පාරිභෝගිකයින් නියෝජනය කරමින් 700ක් පමණ පිරිසක් එක්ව සිටියහ.

දිවයිනේ සියලු පළාත්වල ප්‍රජාවගේ ද අදහස් හා යෝජනා ලබාගැනීමෙන් අනතුරුව සකස් කරනු ලබන වීථි ලාම්පු කළමණාකරනය පිළිබද ජාතික සැලැස්ම මෙම වර්ෂය අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වන විටත් කටයුතු කරමින් සිටියි.මෙම ජාතික සැලැස්ම යටතේ වීථි ලාම්පු සඳහා ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලි බලය ලබාගැනීම වෙනුවට සූර්ය බල ශක්තිය වැනි වෙනත් විකල්ප බල ශක්තීන් කරා යොමුවීම, වීථි ලාම්පුවල ගුණාත්මකභාවය, නඩත්තුව සවිකිරීම පිළිබඳ පටිපාටි, තාක්ෂණික පිරිවිතර, වීථි ලාම්පු සඳහා වැය වන වියදම අවම කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ශ්‍රියානි පද්මලතා, දිස්ත්‍රික් ලේකම් මාලිනී ලොකුපෝතාගම, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ සාලිය මැතිව්, ලේකම් ජානකී විතානගම, නියෝජ්‍ය අධ්‍යක්ෂ සේන ගාමිණී සහ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG