Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇත් පවුර දෙවන ක්‍රියාන්විතය අරඹයි  

Add comments

ව්‍යවසායකයින්ගේ ජය බිම අයි ටී එන් ඇත් පවුර දෙවන ක්‍රියාන්විතය ආරම්භ කිරීම සදහා වන ගිවිසුමට අද අත්සන් තැබුණා.ITN ඇත් පවුර දෙවන ක්‍රියාන්විතය ආරම්භ කිරීම සදහා වන ගිවිසුමට අත්සන් තැබීම ITN මාධ්‍ය ජාලයේ සභාපති තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ITN පරිශ්‍රයේදී සිදු කෙරුණා.

දෙවන ක්‍රියාන්විතයේ ගිවිසුම සදහා අයිටීඑන් මාධ්‍ය ජාලය වෙනුවෙන් සභාපතිනිය සහ ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් ආයතනයේ  සභාපති චන්දුල අබේවික්‍රම යන මහත්ම මහත්මීන් එම ගිවිසුමට අත්සන් තැබුවා. මෙම අවස්ථාවට අයිටීඑන් ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා. ඇත්පවුර පළමු ක්‍රියාන්විතයේ දී ව්‍යාපාරිකයින් දස දෙනෙකු එක්ව සිටි අතර මෙවර දෙවන ක්‍රියාන්විතයේ දී ව්‍යාපාරිකයින් පහළොස් දෙනෙකු එක්ව සිටිනවා. සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රංවල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මහේෂ් ගමගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG