Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෘෂි ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව උදෙසා අවබෝධතා ගිවිසුමක්  

Add comments

කෘෂි ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබෙනවා.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයයත් අතර අවබෝධතා ගිවිසුමකට ( The MOU for the General International for technological cooperation ) අත්සන් තැබීම අද දින (28) මිචිගන් විශ්වවිද්‍යාලයේ දී සිදු කිරීමට නියමිතය.

මෙම ගිවිසුම කෘෂී ක්ෂේත්‍රයේ පර්යේෂණ, ප්‍රකාශන සහ අධ්‍යයන තොරතුරු හුවමාරු කර ගැනීම, අධ්‍යයන පීඨ සහ ශිෂ්‍යත්වලාභීන් හුවමාරු කර ගැනීම ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම සහ තාක්ෂණික සහයෝගීතාව ලබා දීම සිදු කෙරේ.

මෙම ගිවිසුම යටතේ කොළඹ, පේරාදෙණිය, යාපනය සහ කැළණිය විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම පර්යේෂණවලට අදාළව පර්යේෂණ සඳහා පහසුකම් ලැබෙන බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ කටයුතු කරන පැළ තවාන්කරුවන් සඳහා පැළ තවාන් කිරීමේ පර්යේෂණ විධිමත් කිරීමටත් පියවර ගත හැකි බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව පාර්ශවයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් මිචිගන් විශ්‍ව විද්‍යාලයේ කෘෂිකර්ම හා ස්වභාවික සම්පත් අධ්‍යයන පීඨාධීපති රොනල්ඩ් එල් හෙන්ඩ්‍රික් Ronald.L. Hendrick සහ ජාත්‍යන්තර අධ්‍යයන සහ ව්‍යාපෘති අංශයේ පීඨාධීපති ස්ටීවන් ඩී හැන්සන් Steven D. Hansen මහතාත් අත්සන් කිරීමට නියමිතය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG