
අයිටිඑන් සවණක් රැස් හා ශාසනාලෝක වැඩසටහන මෙවර පැවැත්වුණේ වව්නියාව මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථානයේදීයි. එම වැඩසටහන් සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටියා.
අයිටීඑන් සවණක් රැස් වැඩසටහන යටතේ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් අද දවස පුරා පැවැත්වුණා. මඩුකන්ද ශ්‍රී දළඳා විහාරස්ථානාධිපති පූජ්‍ය මුවඇටගම ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදියි මෙම කටයුතු සිදුකෙරුණේ.
අයිටීඑන් එෆ්එම් ශාසනාලෝක වැඩසටහන ද එම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණා. සාමනේර භික්ෂූන් වහන්සේ විෂයෙහි ග්‍රන්ථ කට්ටල සහ පිරිකර මෙහිදී පූජා කෙරුණා. උන්වහන්සේගේ දෙමව්පියන් ඇගයීම ද සිදු කෙරුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
Post a Comment