
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමග සෘජුව හෝ වක්‍රව තමන්ගේ කිසිම ගනුදෙනුවක් නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධරණය කරනවා. මේ සම්බන්ධයෙන් පළවන ප්‍රවෘත්ති වාර්තා පදනම් විරහිත බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන එහි උප සභාපති මහාචාර්ය පී එස් එම් ගුණරත්න මහතා සඳහන් කරන්නේ.
පවතින අණපනත් අනුව විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල් ආයෝජනය කරන්නේ භාණ්ඩාගාර බැදුම්කර, රජයට අයත් බැංකු හා අනුබද්ධ මූල්‍ය සමාගම්වල පමණයි. එම ආයෝජන ද වෙළෙඳපොළ තරගකාරී මිල ගණන් කැඳවා ඇගයිමකට ලක්කර ආයෝජන කමිටුවේ අනුමැතිය යටතේ වැඩිම පොළියක් ලබාගත හැකි පරිදි සිදු කෙරෙනවා. විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලේ පොළීය අඩුවීම සඳහා මෙම ආයෝජන කිසිසේත් බලපා නැති බව ද එම නිවේදනයේ සඳහන්.
Post a Comment