
2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේ වියදම් වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සාමාගමක් අමරිකානු ඩොලර් මිලියන හතයි දශම හයක මුදලක් ලබාදී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කරනවා.
එම පුවත්පතේ වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙරට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් මැදිහත් වූ චයිනා හාබ(ර්) සමාගමේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ගිණුමකින් මෙම මුදල් ලබා දී ඇති බවයි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් චීන සමාගම වෙත ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා ක්‍රියා කිරීම නිසා ඔහු සංතෝශයට පත්කිරීමට මුදල් ලබා දුන්නේ ද යන්න පිළිබඳ එම පුවත් පත සැකපළ කර තිබෙනවා. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අසාර්ථක මෙන්ම අධික කොමිස් මුදලක් මත චීනයට ලබා දී තිබෙන බවට පසු ගිය කාලයේ බරපතල චෝදනා එල්ල වුණා. මෙම මුදල් ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කර තිබෙන පරීක්ෂණවල දී ඒ බව තහවුරු වී ඇති අතර ඊට අදාල චෙක් පත් අංක සහ ඒවා ලබා ගත් පුද්ගලයන් පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙනවා.
මෙම මුදලින් ඩොලර් මිලියන 1.7 ක චෙක් පත් දෙකක් අරලිගගහ මන්දිරයට යවා ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ වැඩිදුරටත් සඳහන් කරනවා. එමෙන්ම ජනාධිපතිවරණයට දින 10කට පෙර චීන සමාගම ඩොලර් මිලියන 3.7 ක චෙක්පතක් ගෙවා ඇති බව ද එහි සඳහන්. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී මෙම මුදල්වලින් ටී ෂර්ට්ස්වල ප්‍රචාරක දැන්වීම් මුද්‍රණය සඳහා ඇමෙරිකා ඩොලර් හයලක්ෂ හැත්ත අට දහසක් සහ සාරි සහ වෙනත් ද්‍රව්‍ය බෙදා දීමට ඩොලර් දෙලක්ෂ අනූ හත් දහසක් යොදවා ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත පවසනවා. එමෙන්ම මෙම මුදලින් ඩොලර් තිස් අට දහසක් ප්‍රසිද්ධ භික්ෂූන්වහන්සේ නමකට ලබා දී ඇති අතර වෙනත් පුද්ගලයන් රැසකට ද මුදල් ලබා දී ඇති බව එම පුවත්පතේ වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා.
*
Post a Comment