
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ නිවසේ තිබී මුදල් හා වටිනා භාණ්ඩ රැසක් එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. රන් භාණ්ඩ, අත් බෑග්, ඔරලෝසු ඇතුලු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගත් බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. එම භාණ්ඩ හා මුදල්වල වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 275 ඉක්මනවා. පසුගියදා පැවති මහ මැතිවරණයෙන් නජීබ් රසාක් පරාජයට පත්වුණා. ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ යටතේයි පොලීසිය ඔහුගේ නිවස සෝදිසි කළේ.
Post a Comment