
නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් වීරක්කොඩි මහතා ඇතුලු පිරිසක් පුද්ගලයින් 4 දෙනෙකුට පහර දුන් බව වාර්තා වනවා.පහරකෑමට ලක්වූ බව කියන 4 දෙනා මේ වන විට ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත්කර සිටිනවා.
පහරකෑමට ලක්වීමට පෙර මෙම හතරදෙනා ඇල්පිටිය පොරවගම පිහිටි සිය මවට අයත් නිවසට පැමිණ සුද්ද පවිත්‍රකර යළි මීරිගම නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා. එසේ යන අතරතුර ඔවුන්ට දුරකතන ඇමතුමක් ලැබී ඇත්තේ පොරවගම නිවසට කිසියම් පිරිසක් පහරදී ඇති බවයි. ඒ අනුව ඔවුන් යළි නිවස බලා පැමිණෙන අතරතුර ඒ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ද දැනුම් දී තිබෙනවා. පොලිසිය පැමිණෙන තෙක් එම ස්ථානයේ රැඳී සිටින අතරතුර පැමිණි නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසාද් වීරක්කොඩි ඇතුලු පිරිස තමන්ට පොලුවලින් පහරදුන් බව පහරකෑමට ලක්වූවන් පවසනවා. පහරදෙන අතරතුර පොලිසිය ද එම ස්ථානයට පැමිණ තිබෙනවා. මෙම සිද්ධියට අදාල සීසීටීවි දර්ශන ද ලැබී තිබෙනවා.
Post a Comment