Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට  

Add comments

අල්ලස් ලබාගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු කොළොන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමෘද්ධි ලාභියෙකුගෙන් රුපියල් දෙදහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දහසක මුදලක් ලබාගනිද්දී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා. සමෘද්ධි ලාභියා කොලොන්න සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙන් රුපියල් ලක්ෂයක ණය මුදලක් අයදුම්කර තිබෙනවා. එහි කටයුතු සිදුකර දීම සදහා මෙම සමෘද්ධි සංවර්ධන නිලධාරියා රුපියල් දෙදහසක අල්ලසක් ඉල්ලා ඇති බවයි වැටලීම සිදුකළ නිලධාරීන් සදහන් කළේ.

රුපියල් දහසක අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේම අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG