Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝදිට පොරොන්දු මතක් කරන්න ඇවිද ගිය දුරක්  

Add comments

ඉන්දීය අගමැති  නරේන්ද්‍ර මෝදි හමුවීමට පුද්ගලයෙකු කිලෝමීටර් 1350 ක දුරක් ඇවිද යාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.මුක්තිකන් බිස්වාල් ඔරිස්සා ප්‍රාන්තයේ සිට දිල්ලි අගනුවරට මෙලෙස ගමන් කරමින් අගමැතිවරයා හමුවීමට පැමිණ තිබෙනවා.

අග්‍රා ප්‍රදේශයේදි ඔහු රෝහල්ගත කර තිබෙනවා. ඒ ඔහුගේ ගමනාන්තයට කිලෝමීටර් 218 ක් දුරින් තිබියදී .ඔහු මෙලෙස අගමැතිවරයා හමුවීමට පැමිණ ඇත්තේ ඔහුගේ ප්‍රාන්තයේ පිහිටි රෝහලක් වැඩි දියුණු කිරීම සදහා අගමැතිවරයා විසින් දුන් පොරොන්දුව මතක් කිරීමට බව විදෙස් මාධය වාර්තා කරනවා. ඔහු ඉන්දීය ධජය රැගෙන ගමන් ආරම්භ කර ඇත්තේ  පසුගිය අප්‍රේල් 16 වනදායි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG