
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය හෙවත් දින 60 මෙහෙයුම පිළිබද මාධ්‍ය හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී අද (25) පෙරවරුවේ පැවැත්විණි.
මෙම මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය පසුගිය වසර 03 තුල විශාල සංවර්ධනයක් ලැබුවා. නොයෙකුත් ව්‍යාපෘති දියත් කළා.ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර ගෙන තිබෙනවා. නවීන වෙළෙදපොලට සරිලන පරිදි නව නිෂ්පාදන ආරම්භ කරනවා. මේ වනවිට නවනිෂ්පාදන රැසක් වෙළෙදපොලට නිකුත් කර අවසන්. එමගින් වැඩි ආදායමක් ලබාගෙන තිබෙනවා.සංස්ථාවේ කර්මාන්ත ශාලාව නවීකරණය කිරිමට පියවර ගත්තා. නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දී විවිධ බාධා ඇති වුණා. ඇතැම් අය කිවුවා මෙම නිෂ්පාදන වෙළෙදෙපොලේ විකුණන්න බැහැ කියලා. නමුත් ආයුර්වේද ඖෂධ වෙළදසැල් නවීකරණය කරමින් ආයුර්වේද ඖෂධ ආකර්ශණයෙන් යුතුව අලෙවි කිරීමේ වැඩපිළීවෙළක් අපි දියත් කළා.”
“දේශීය වෛද්‍ය ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත කළ යුතුයි. ආයුර්වේද ඖෂධ සංස්ථාව තුල 2016 වසරේදී විරෝධතාවයක් ඇති වුණා. ඊට අපි යටත් නොවී මුහුණ දුන්නා. 2014 වසරේ සංස්ථාවේ නිෂ්පාදන වටිනාකම රුපියල් මිලියන 270 යි. එය 2017 වසර වන විට රුපියල් මිලියන 342දක්වා ඉහළ නංවා තිබෙනවා. වාර්ෂික අලෙවිය 2017 වසරේ රාජ්‍ය අංශය තුල රුපියල් මිලියන 466 ක් ද විවෘත වෙළෙදපොල තුල රුපියල් මිලියන 126 ක් ද දක්වා වර්ධනය කර තිබෙනවා.ආයුර්වේද ඖෂධ සොයා ගැනීමේ අභීයෝගයට මුහුණ දෙමින් වියළි ඖෂධ එකතු කිරීමේ මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. එමගින් ගොවියාට විශාල සහනයක් ලැබෙනවා.ආයුර්වේද ඖෂධ සංස්ථාව පොල්තෙල් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරිමට ද පියවර ගෙන තිබෙනවා.විවෘත වෙළෙදපොළෙන් පොල්තෙල් මිලදී ගැනීම නිසා වසරකට රුපියල් මිලියන 20 ක පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. පොල්තෙල් පිළිබද විවිධ දුර්මත තිබුණා. පොත්තෙල් භාවිතය තුලින් කොලෙස්ටරොල් ඇතිවෙනවා කිවුවා. නමුත් දැන් සොයාගෙන තිබෙනවා පොල්තෙල්වල මේදය අඩුයි කියලා. කොලෙස්ටරොල් ඇති වෙන්නේ නැහැ කියලා. පිරිසිදු පොල්තෙල් හොදයි. විවිධ සංඝටක තිබෙන ඒවා හොද නැහැ. ආයුර්වේද ඖෂධ සංස්ථාව පසුගිය කාලයේ නව නිෂ්පාදන 13 ක්වෙළෙදපොලට හදුන්වා දුන්නා. පුනරුදය වැඩසටහන යටතේ නව නිෂ්පාදන 06 ක් වෙළෙදෙපොලට නිකුත් කරනවා. පාසල් හමුදා කදවුරු ආශ්‍රිතව ඖෂධ පැල ලක්ෂයක් සිටුවීමේ වැඩපිළිවෙළත්දියත් කරනවා. ඒ සදහා යුධ හමුදාපතිවරයා සහයෝගය ලබාදුන්නා.”
“කංසා,වගා කිරිම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරිමට මම පියවර ගත්තා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. කැනඩාව සහ බ්‍රිතාන්‍ය මේ වන විට කංසා සදහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා. කංසා ඖෂධයක් ලෙස භාවිත කිරිම ස්නායු රෝග වලට පිළියමක්. කංසා තහනම් කලේ බ්‍රිතාන්‍ය පාලකයින් විසින්. කංසා ඉරීම ගැටලුවක්. ඖෂධ වශයෙන් භාවිත කළ යුතුයි. අපි බලයට පැමිණෙන විට අබිං පවා තිබුනේ නැහැ. මගේ මැදිහත්වීමෙන් අබිං ඉන්දියාවෙන් ආනයනය කළා.කංසා වගා කිරිම තුලින් ඩොලර් බිලියන ගණනක ආදායමක් ලබන්න පුලුවන්. ත්‍රිවිධ හමුදාවේඅධීක්ෂණය යටතේ අක්කර 100 ක ප්‍රමාණයක කංසා වගා කිරිමට තමයි මම යෝජනා කර තිබෙන්නේ.තව ද ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වැටලීම අඛණ්ඩව සිදු කරනවා. නීතිමය ගැටලුකිහිපයක් ඇති බැවින් එය නිරාකරණය කර ගැනිමට පියවර ගන්නවා.”
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අයුර්වේද ඖෂධ සංස්ථාවේසභාපති ලාල් සමරසිංහ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා, ආයුර්වේදකොමසාරිස් චතුර කුමාරතුංග මහතා, සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
Post a Comment