Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්වැටි 460ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතිකයෙකුට හැත්තෑ පන්දහසක දඩයක්  

Add comments

නීති විරෝධී විදේශීය දුම්වැටි 460ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතිකයෙකුට රුපියල් හැත්තෑ පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) නියෝග කළා. කොම්පඤ්ඤවීදිය පොලීසියයි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

සැකකරු කියා සිටියේ තමන් මෙරට සංචාරයකට පැමිණි අතර විදේශීය දුම්වැටි ළඟ තබා ගැනීම තහනම් බව නොදැන සිටි බවයි. මෙරට නීතිය පිළිබඳ අවබෝධයකින් යුතුව සංචාරය කළ යුතු බව මහේස්ත්‍රාත්වරිය විදේශිකයාට දැනුම් දුන්නා. මාලදිවයින් ජාතික මොහොමඩ් ඊබ්‍රහිම් නමැති අයෙකුට මෙලෙස දඩ මුදල් නියම කෙරුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG