ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ නහරයක් පුපුරා යාමෙන් ඇතිවූ රුධිර වහනයෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය ජාතික රෝහලේ දී අද සිදු කෙරුණා. එහිදී හෙලි වුණේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනය මරණයට හේතුව බවයි. හේම නලීන් කරුණාරත්න මහතා ඊයේ දහවල් මෙසේ ජීවිතක්ෂයට පත්වන විට 56 වන වියේ පසුවුණා.
Post a Comment