පාකිස්තාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ ගුවන් ගමන් බලපත්‍රය තහනම් කිරීමට නියෝග නිකුත්කර තිබෙනවා.මුෂාරෆ්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති රාජ්‍ය ද්‍රෝහි අධි චෝදනා සැලකිල්ලට ගනිමින් විශේෂ අධිකරණ නියෝගයක් ලෙස මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.
74 හැවිරිදි මුෂාරෆ් පාකිස්තානයේ සිටි දසවන ජනාධිපතිවරයා වනවා. ඔහු 2008 වසර වන තෙක් එම ධුරයේ කටයුතු කළා. 2007 වසරේදී විනිසුරුවරුන් සිය දෙනෙකු ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන් සහ ඔවුන් නිවාස අඩස්සියේ තබා ගැනීම මුෂාරෆ්ට එරෙහිව ඇති චෝදනාව වනවා. ඔහු දැනට ඩුබායිහි රැදී සිටින අතර ගුවන් ගමන් බලපත්‍රය තහනම් කිරීමත් සමග එහි රැදී සිටීමද නීති විරෝධී වන බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.
Post a Comment