
අයහපත් කාලගුණයෙන් සිදු වූ වගා හානි පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
අයහපත් කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවක එළවළු ඇතුළු බෝග වගාවන්ට හානි සිදු වුණා. මෙම තත්ත්වය එළවළු මිල ගණන් ඉහළ යාමට ද හේතු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. වගා හානි වෙනුවෙන් ගොවීන්ට සහන සැලසීම සඳහා රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
Post a Comment