
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතකයින් නිදහස් කිරීම එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. රජිව් ගාන්ධි මහතා එල්ටීටීඊ සංවිධානය මගින් ඝාතනයට ලක් වූයේ 1991 වසරේ මැයි 21 වනදායි. මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ හත් දෙනෙකු නිදහස් කරන ලෙස තමිල්නාඩු රජය මධ්‍යම රජයෙන් ඉල්ලා තිබුණා. දැනටමත් විසිවසරකට අධික කාලයක් සිර දඩුවම් විදින බැවින් ඔවුන්ට නිදහස ලබාදෙන ලෙසයි තමිල්නාඩු රජය ඉල්ලා තිබුණේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේද උපදෙස් ඇතිව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ඉන්දීය ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.
Post a Comment