
නව බදු පනතට විරෝධය පල කරමින් ජෝර්දානයේ විරෝධතා පැවැත්වෙනවා. මෑත ඉතිහාසයේ එරටින් වාර්තා වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය එය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. නව බදු පනතින් සාමාන්‍ය ජනතාව විශාල පීඩාවකට පත් වන බවයි විරෝධතාකරුවන් පවසන්නේ. ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජෝර්දාන අග‍්‍රාමාත්‍ය හනි අල් මුල්කි ප‍්‍රකාශ කළා.
Post a Comment